අමුතු හීන

Featured

හීන කියන්නෙත් මහා අමුතු ජාතියක්.

සමහර හීන අපිව නින්දෙන් බය කරනවා. තවත් සමහර හීන නින්දෙන් ඇහැරුනාට පස්සේ බය කරනවා.

ඒ අතින් බලනකොට නින්දෙන්ම හීනෙට බය වෙන එක කොච්චර හොඳද කියල හිතෙනවා. මොකද ඇහැරුණාට පස්සේ එක ගැන කල්පනා කර කර දවස් ගාණක් බයේ දඟලනවට වඩා එක ලේසියි.

මොන හීන දැක්කත් වැඩියෙන්ම බයවෙන්නේ ප්‍රායෝගිකව වෙන්න බැරි හීන වලට.

විශේෂයෙන්ම සමහර හීන ගැන මටත් පුදුමයි. මොකද මැරුණු මිනිස්සුත් පණපිටින් ඉන්නවා විතරක් නෙවෙයි; ඒ හීනේ පෙනිලා තියෙන්නෙත් ඒ මැරුණු කාලෙට සමාන්තර කාලෙකමයි. (හීනේ දැකල තියෙන්නේ මැරුණට සමාන්තර කාලෙක කියල දැනගන්නෙත් හීනේ දැක්කට පස්සේ දවසේ….)

 

Advertisements

ඇලන් ටියුරින් දුටු කෘතිම බුද්ධිය

Featured

කෘතිම බුද්ධිය පිලිබඳ මිනිසා තම අවධානය යොමු කිරීම ආරම්භ කරන්නේ ක්‍රි.ව. 1637 තරම් ඈත අතීතයේ සිටමය. එහිදී මිනිස් බුද්ධියට සම කල හැකි හෝ මිනිස් බුද්ධිය අභිබවා යා හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ ඒකායන අරමුණ විය. ඩිජිටල් පරිගණනය පවා සොයාගෙන නොතිබූ එවන් යුගයක මේ පිලිබඳ පිළිගත හැකි මතයක් ඉදිරිපත් කල පුද්ගලයෙකු ලෙස බ්‍රිතාන්‍ය ජාතික පරිගණක විද්‍යාඥ ඇලන් මැතිසන් ටියුරින් (1912 – 1954) හැඳින්විය හැක. ඒ 1950 දී ඔහු විසින් රචනා කර ප්‍රකාශයට පත් කරන ලද “පරිගණන යන්ත්‍ර සහ බුද්ධිය” (Computing Machinery & Intelligence) නම් කෘතියෙනි. එහි ඔහු විසින් ඉදිරිපත් කර ඇති ටියුරින් පරීක්ෂණය, තවමත් කෘතිම බුද්ධියේ සාර්ථකත්වය මැනීම සඳහා යොදාගනු ලබයි. එම පරීක්ෂණයේදී මිනිස් බුද්ධියකට සමාන බුද්ධිමත් හැසිරීමක් uයන්ත්‍රයකට ප්‍රදර්ශනය කල හැකි දැයි පරීක්ෂා කර බැලීම සිදු කරයි.

මෙහිදී තුන්කොන් සංවාදයක් ඇසුරින් මෙම හැසිරීම නිරීක්ෂණය කරනු ලබයි. එහි එක අන්තයක සිටින මිනිස් අගයුම්කරුවෙකු විසින් එකම නාලිකාවක් හරහා අන්ත 2කින් වෙන වෙනම සම්බන්ධ වී ඇති යන්ත්‍රයකට සහ මිනිසෙකුට දිගින් දිගටම පණිවිඩ යවනු ලැබේ. ඒවායින් ලැබෙන ප්‍රතිචාර වල ස්වභාවය අනුව එය නිකුත් කරන ලද්දේ මිනිසාද යන්ත්‍රයද යන්න වෙන වෙනම හඳුනාගත නොහැකි අවස්තාවක් එළඹුණහොත්, එම යන්ත්‍රය ටියුරින් පරීක්ෂණය සමත් වුවා යයි සලකනු ලබයි. මෙම කිසිදු අවස්තාවකදී යන්ත්‍රය විසින් ලබාදෙනු ලබන පිළිතුරු වල සෛද්ධාන්තික නිරවද්‍යතාව සලකා නොබැලේ.

TAHC_turingtest

ඇලන් ටියුරින් මෙම සිද්ධාන්තය සරලව පැහැදිලි කර දීම සඳහා චෙස් ක්‍රීඩාව ඇසුරින් උදාහරණයක් ඉදිරිපත් කරයි. A නම් යන්ත්‍රයක්ද, B හා C නම් ක්‍රීඩකයන් දෙපලක්ද වේ. A හා B එක කණ්ඩායමක් ලෙස C ට විරුද්ධව කිසිදු පූර්ව සැලසුම්ගත පිළිවෙලකින් තොරව මාරුවෙන් මාරුවට ක්‍රීඩා  කරන අතර C ට තම ප්‍රතිවාදියා A නම් යන්ත්‍රයද , නැත්නම් B නම් ක්‍රීඩකයාද යන්න නිගමනය කරගත නොහැකි අවස්තාව මෙහි පෙර කී සමත් අවස්තාව ලෙස සැලකේ.

1950 දී ඇලන් ටියුරින් විසින් ටියුරින් පරීක්ෂණය ප්‍රකාශයට පත් කලද, එය හුදෙක් සිද්ධාන්තයක් පමණක්ම වූ අතර එකල මේසා දියුණු තාක්ෂණයක් නොතිබූ බැවින් මෙය ප්‍රායෝගික වශයෙන් පරීක්ෂා කිරීමට ඔහුට නොහැකි විය. මෙම සිද්ධාන්තය මුල් කාලයේ විවිධ විවේචනයන්ට ලක්වූ අතර, තවමත් කෘතිම බුද්ධිය පිලිබඳ දර්ශනයේ වැදගත් සිද්ධාන්තයක් බවට පත්ව ඇත. එසේම මෙම සිද්ධාන්තය පදනම් කරගෙන මෙන්ම වෙනත් විවිධ මත ඔස්සේ පසුකාලීනව තවත් නොයෙක් නව සිද්ධාන්ත බිහිවූ අතර එම නිසා මෙම ක්ෂේත්‍රය ලැබූ දියුණුව ඇති මහත්ය. ඔහු උපකල්පනය කලේ 21ක් වන ශතවර්ෂයේ ආරම්භය වන විට මෙම පරීක්ෂණය සමත් විය හැකි යන්ත්‍ර තැනීමට මිනිසා සමත්වනු ඇති බවටය. එකල “යාන්ත්‍රික බුද්ධිය” (Machine Intelligence) ලෙස හඳුන්වනු ලැබූ මෙම වුශය ඩිජිටල් තාක්ෂණයේ දියුණුවත් සමග “කෘතිම බුද්ධිය” (Artificial Intelligence) ලෙස භාවිතයට එක් විය.

 

කෙසේ වෙතත් මෙතෙක් මෙම පරීක්ෂණය 100%ක් සමත් වූ යන්න්ත්‍ර නිර්මාණය වී නැති වුවද අප එදිනෙදා භාවිතා කරන Apple Siri, Samsung Bixby, Microsoft Cortana, Google Assistant මෙන්ම Amazon Alexa වැනි පුද්ගලික සහයක කෘතිම බුද්ධි යෙදුම් දක්වාම මෙම සිද්ධාන්තය දියිනු වී ඇති බව සඳහන් කල යුතුමය.

STATEN ISLAND SUMMER

වැඩිදුර තොරතුරු සඳහා මගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

STATEN ISLAND SUMMER කියන්නේ මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය. මේ ෆිල්ම් ඒක ගැන විස්තර කියන්න තමයි මම මේ ලිපිය ලියන්නේ. මගේ අනික් උපසිරැසි නිර්මාණ බලල නැත්තං, ඔයාලට මෙතන ක්ලික් කරලා ඒවා බලන්නත් පුළුවන්. මේ ෆිල්ම් එකේ උපසිරැසිය මේ ලිපිය ලියන වෙලාව වෙනකොට නිකුත් කරලා නෑ. එත් මේ පෙබරවාරි මාසේ අන්තිම වෙන්න කලින් නිකුත් කරන්න පුළුවන් වෙයි කියල මට විශ්වාසයි.
මේ ෆිල්ම් ඒක ගැන කියනවනං, මේ ෆිල්ම් ඒක නිකුත් කරන්නේ 2015 වර්ෂයේ ජුනි මාසේ 30 වෙනිදා. මේ ෆිල්ම් එක ටිකක් වෙනස් විදියේ ෆිල්ම් එකක්. ඒ කිව්වේ මොකක්ද? ඒ කිව්වේ මේ ෆිල්ම් එක ආදර කතාවක්වත්, ඉතිහාස කතාවක්වත්, ක්‍රියාදාම කතාවක්වත්, මිත්‍යා කතාවක්වත් නෙමෙයි.  විකීපීඩියා විශ්වකෝෂයේ නම් තියෙන්නේ මේක විහිලු ෆිල්ම් එකක් කියල. මේකේ 55% විතර තියෙන්නේ විහිලු තමා. එත් මටනං හිතෙන්නේ මේක අමුතු කතාවක් කියල. මේ ෆිල්ම් එකට ලැබිල තියෙන ratings තමා මේ;

  • IMDb – 5.6/10
  • The AV Club – 3/5
  • Rotten Tomatoes – 42%

ඔයාලට ෆිල්ම් ඒක ගැන අදහසක් ගන්නත් එක්ක, ෆිල්ම් ඒක ගැන කෙටියෙන් කියන්නන්කෝ.

මේකේ ඉන්නවා  ඩැනී කැම්ප්බෙල් කියල කොල්ලෙක්. පොර තමයි ප්‍රධාන චරිතේ. ඩැනීට රඟපාන්නේ ග්‍රැහැම් ෆිලිප්ස්. නළුවන්න් එච්චර ප්‍රසිද්ධ නෑ. එයා වැඩකරන්නේ ස්විමින්ග් ක්ලබ් එකක ලයිෆ් ගාඩ් කෙනෙක් හැටියට. එයාගේ යාලුවෝ සෙට් එකත් එතන වැඩකරන අයම තමයි. මේක සිද්ධ වෙන්නේ වසන්ත කාලේ. ඔයාල දන්නවත් ඇතිනේ, ඒවගේ රටවල් වල වසන්ත නිවාඩුවක් හම්බෙනවා කියල. මෙයාලටත් වසන්ත නිවාඩුවෙන් පස්සේ කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඒ කියන්නේ, මේ වසන්ත කාලේ තමයි මෙයාලගේ අවසාන හමුවීම කියන එක. ඒනිසා එයාල අවසාන රාත්‍රියේ හොඳ ආතල් එකක් ගන්න කියල පාටියක් ඕගනයිස් කරනවා. ඒකට ඒ මදිවට ටවුමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොටම එන්නත් කියනවා. එත් එයාල පාටිය දාන්න හිතන් ඉන්නේ එයාල වැඩකරන තැන; ඒ කියන්නේ “ග්‍රේට් කීල්ස් ස්විමින් ක්ලබ්” එකේ. ඇත්තටම එයාල පාටිය දාන්න හදන්නේ, ක්ලබ් ඒක එයාලගේ වගේ. එත් ක්ලබ් එකේ ලොක්කාගෙන් එකට අවසර ලැබෙන්නේ නෑ. එතනින් පස්සේ මොකද වෙන්නේ කියල බලන්න නම් ඔයාලට ෆිල්ම් ඒක බලන්නම් වෙනවා.

මේ ෆිල්ම් ඒකෙන් 55% විතරම තියෙන්නේ කොමඩි කියල කිව්වනේ. ඒනිසාම මේකේ ඉන්න චරිත හුඟක් කොමිටල් තමා. විශේෂයෙන්ම ඩැනී, ෆ්‍රෑන්ක් සහ ස්කූච්. ස්කූච් සහ ෆ්‍රෑන්ක් කියන්නේ ඩැනීගෙ හොඳම යාළුවෝ. මේ අතරේ පොඩි පොඩි ආදර කතාත් යනවා. ඒවා ඇතුලෙ කොමඩිත් නැතුවාම නෙමෙයි. කොහොම හරි හැකි ඉක්මනට මම මේක උපසිරැසිගන්වල baiscopelk එකට එවනවා. ඒවගේම මගේ වෙබ් අඩවියේ පල කරන ලිපියෙනුත් කෙලින්ම baiscopelk වෙබ්අඩවියේ තියෙන උපසිරසිය බාගන්න පුළුවන්. උපසිරසියත් අරං ළඟදීම හම්බෙමු.

BEHAVING BADLY (2014) – හැසිරීම අන්තිමයි! සිංහල උපසිරැසි​

වැඩිදුර තොරතුරු සඳහා මගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔන්න මම ආව මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන. ඇත්තටම කියනවනං, මම මගේ කලින් කරපු Full Strike (ප්රතිප්රහාරය) film එකට වඩා මේකට හුඟක් කැමතියි. ඒකට හේතුව තමා, මේක ඒක වගේ comedy මිශ්‍ර වුණු එකක් නෙමෙයි. මේක නියම comedyක්. comedy + love කියල කිව්වට කමකුත් නෑ මගේ හිතේ. මේකට 4.4/10 IMDb අගයකුත්, 1/4 Roger Ebert අගයක් වගේම 18%  Metacritic අගයකුත් තියෙනවා. මගේ පෞද්ගලික මතයනං, මේකට මීට වඩා ratings තියෙන්න ඕනේ කියන එක. මේ ෆිල්ම් ඒක රිලීස් වෙලා තියෙන්නේ 2014 ජුනි 9 වෙනිදා, ඇමරිකාවේදී.

මේ film එක ගැන කියනවනං, මේ film එක “Behaving Badly”, නැත්නම් “හැසිරීම අන්තිමයි!” කියල නම් කරන්නේ, මේකෙ ප්‍රධාන චරිතෙ තියෙන ජරා හැසිරීම නිසා. ඒ එක්කම මං කියන්න ඕන, මේ film එකේ පෝස්ටරවල සෙලීනා ගෝමස්ගෙ පින්තූරෙ ලොකුවට දාල තිබ්බට, එයා මේකෙ ප්‍රධාන චරිතෙ නෙමෙයි. එයා රඟපාන්නේ නීනා පෙනින්ටන් කියන චරිතයට. ඒ කියන්නේ ප්‍රධාන චරිතෙ වුණු රික් (රිචඩ්) ස්ටීවන්ස්ගෙ ගෑණු ළමයගෙ චරිතෙට (සරලවම කියනවනං දෙවෙනි චරිතේ). රික් ස්ටීවන්ස්ට රඟපාන්නේ නැට් වොල්ෆ්. ඔව් ඔව්. අර “පේපර් ටවුන්ස්”  (Paper Towns) ෆිල්ම් එකේ හිටිය කොල්ල තමා. සෙලීනා ගෝමස් ගැනනං අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනේ. ඊට අමතරව ඔයිට කලින් කොමඩි ෆිල්ම් වල රඟපාපු නළු නිළියො කීප දෙනෙක් ම මේකෙ ඉන්නවා. තව, ජස්ටින් බීබර්ත් මේකෙ ඉතා  සුළු කොටසකට රඟපානවා (තප්පර ගානකට විතරයි ඈ).

මම කලින් කිව්වා වගේ, රික්ගෙ හැසිරීම කොච්චර ජරා ද කියල මම මේ ලිපියේ ලියන්නෙ නෑ. ඔයාල film එක බලලම ඒ ආතල් එක ගන්න. (හැබැයි ඌ ගත්ත ආතල් එහෙම ගන්න යන්න එපා). හැබැයි,  මට හිතෙන විදියට, රික්ව මේ තත්වෙට පත්කරන්නේ, පැමෙලා බෙන්ඩර්. ඒ කියන්නේ රික්ගේ හොඳම යාළුවගේ අම්ම, එහෙමත් නැත්තං රික්ගේ අම්මගේ හොඳම යාළුවා. එහෙම හිතන්නේ මං විතරක් නෙවෙයි. රික්ගේ අම්ම හිතන්නෙත් එහෙම්මම තමා. මේ film  එක පටං ගන්න කොට කතාවෙ කොටසක් ගතවෙලා. ඒ කොටස ඇතුලේ උට හෙණ සීන් වගයක් සිද්ධවෙලා තියෙන්නේ. අපට ඒ ටික කියන්නෙත් රික්ම තමා. film එකේ වෙලාවෙන් වැඩි හරියක් යන්නේ ඒකට. මේ ෆිල්ම් එකේ කතාව ගැන ඒක වාක්‍යෙන් කියනවනං, ආදරයෙන් මත්වුණු තරුණයෙක් (රික්), තමන් ආදරය කරන තරුණියව (නීනා) යාළුකරගන්න කරන උත්සහයක් සහ ඒගැන දාන ඔට්ටුවක් ගැන තමා මේ කතාව තියෙන්නේ. ඔයාලම බලන්නකෝ, රික් නීනාව දිනාගනීද, නැත්තං ඔට්ටුව දිනාගනීද, එහෙමත් නැත්තං දෙකම දිනා ගනීද, එහෙමත් නැත්තං දෙකම අනාගනීද කියල.

මොනාවුණත් විශේෂයෙන්ම කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මමනං හිතන්නේ මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියල. හැබැයි, ඒවගේම කියන්න ඕන මේක නිකම්ම නිකං විහිලු චිත්‍රපටියක් නෙමෙයි. මේකේ අන්තිමට අපිට (විශේෂයෙන්ම තරුණ පරපුරට) හොඳ පණිවිඩයක්, ආදර්ශයක් දෙනවා. මගේ නං අදහස, මේ ෆිල්ම් ඒක බලල අපේ ජීවිත වලට ගන්න පුළුවන් හොඳ දේවලුත් මේකේ ගොඩක් තියෙනවා (ෆිල්ම් ඒක අගට වෙන්න).

මම මේ ෆිල්ම් ඒක බයිස්කෝප් වෙබ් අඩවියෙන් සබ් කරන්න බාරගද්දී, මම මේ ෆිල්ම් ඒක සම්පූර්නෙන් බලල තිබ්බෙත් නෑ. බලල තිබ්බේ 5% විතර . ඒ ටිකෙන්ම ෆිල්ම් ඒක හිතට අල්ලලා ගියපු නිසා මම මේ ෆිල්ම් ඒක සබ් කරන්න බාර ගත්තා. මේක සබ් කරන්න බාරගද්දී උදව්කරපු, බයිස්කෝප් වෙබ් අඩවියෙ අපේ රොයිලි ප්‍රනාන්දු සහෝදරයට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ ෆිල්ම් එකට සබ් කරලා තියෙනවා හොඳ නං කරුණාකරලා කමෙන්ට් එකක් දාල යන්න. ෆිල්ම් ඒක හොඳයි කියල හිතෙනවනං, යාලුවොත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. එහෙනං මගේ ඊළඟ උපසිරැසි නිර්මාණය වන Staten Island Summer තුලින් හම්බෙමු. තෙරුවන් සරණයි! ජය වේවා!

හොඳම රසවින්දනය සඳහා Media Player Classic යොදාගෙන SSA/ASS උපසිරැසි ගොනු ධාවනයකරන්න. SRT උපසිරැසි ගොනුවලදී සහ KMPlayer වැනි player වලදී ඇතැම් උපසිරැසි වල විශේෂ දේ ක්‍රියාත්මක නොවනු ඇති. 

Behaving Badly (2015) – හැසිරීම අන්තිමයි

Behaving_Badley_Movie_poster

මාගේ දෙවන උපසිරසි නිර්මාණය වන Behaving Badly (2015) චිත්‍රපටය “හැසිරීම අන්තිමයි” යන සිංහල නම යටතේ ළඟදීම baiscopelk  වෙබ් අඩවිය තුලින් ලබා ගැනීමට හැකි වනු ඇත. වැඩිදුර තොරතුරු සඳහා,

මාගේ වෙනත් උපසිරැසි නිර්මාණ සඳහා මාගේ උපසිරැසි පිටුවෙන්ද ලබා ගත හැක.

Full Strike (2015) – ප්‍රතිප්‍රහාරය

මගේ පළමු උපසිරැසි නිර්මාණය වන Full Strike (2015) – ප්‍රතිප්‍රහාරය නමින් දැන් ඔබට http://www.baiscopelk.com වෙබ් අඩවියෙන් බාගතාකළ හැක. ඒ සඳහා ලිපියට පහතින් ලින්ක් ඒක භාවිතා කරන්න.

ඇත්තටම කියනවනං මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. එත් පළවෙනි උපසිරැසි නිර්මාණය වුණාට ඒක එච්චර රසවත් අත්දැකීමක් වුනේ නැහැ. ඒකට හේතු වුනේ හොඳ ඉංග්‍රීසි උපසිරැසි පිටපතක් හම්බුණේ නැති එක. ඉන්ටර්නෙට් එක පුරා හෙව්වත්, හම්බුණු හැම ඉංග්‍රීසි උපසිරැසි පිටපතම Google Translator එකෙන් චීන භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරපුවා. ඔයාල දන්නවා ඇතිනේ Google Translator එකෙන් පරිවර්තනය කරනකොට ඒක පෙරදිග භාෂාවලට හොඳට වැඩකරන්නේ නැති බව. (සිංහල තමා හොඳම උදාහරණේ) ඒ නිසා මට හොයාගන්න පුළුවන් උන ඉංග්‍රීසි උපසිරැසි පිටපතේ හුඟක් වැරදි තිබ්බා. ඒ නිසා ඒක තේරුම් ගන්න චිත්‍රපටිය නැවත නැවතත් කිහිප සැරයක් බලන්න වුණා. (සමහරවිට දැනටත් මේකේ වැරදි කිහිපයක් ඇති) කොහොම හරි එහෙම කරලා මේ බයිස්කෝප් වෙබ් අඩවියට හොඳ ගුණාත්මක තත්වයේ සිංහල උපසිරසියක් ලබා දෙන්න පුළුවන් වුණා.

මේක හොංකොං වල නිෂ්පාදනය කරපු චිත්‍රපටයක්. මේකේ සම්පූර්ණයෙන්ම වගේ තියෙන්නේ චීන භාෂාව. මේකේ ඉන්නේ චීන චරිත. ඒත් මේකේ එන චීන නම් උච්චාරණය කරන්න කෙසේ වෙතත් චිත්‍රපටය බලන ගමන් ඉක්මනට කියවගන්න ඔයාලට පහසු වෙන්න, ඊට ලඟින් යන නම් පාවිච්චි කළා. ඒක පුළුවන් තරම් ඔයාලට නොදැනෙන විදියට කලත් මේකේ එන ප්‍රධාන චරිතේ නම එහෙම කරන්න අමාරුයි. එකේ වෙනසක් ඔයාලට බලන කොට පොඩ්ඩක් දැනෙයි. මේ ෆිල්ම් එක ප්‍රථම වතාවට තිරගත කරලා තියෙන්නෙත් හොංකොං වල; 2015 මැයි 17 වෙනිදා. දුක කියන්නේ මේකට තියෙන්නේ 4.8 ක IMDb අගයක්.  මේක චීන ෆිල්ම් එකක් වුනු නිසාත්, චීන භාෂාවෙන් තියෙන නිසා වගේම හොඳ ඉංග්‍රීසි උපසිරසියක් නොතිබ්බ එක එකට බලපාන්න ඇති. එත් එහෙම වෙලත් 4.8 ක IMDb අගයක් ගත්ත එක ලොකු දෙයක්. මේක පැය එකයි විනාඩි 48ක් විතර කාලයක් පුරා දිවෙනවා. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඩෙරෙක් ක්වොක් සහ හෙන්රි වොන්ග් කියන අය. (නළු නිළියන්ගේ නම් දැම්මේ නැත්තේ, එයාල එච්චර ප්‍රසිද්ධ ඇය නොවන නිසා වගේම ඒවා සිංහලෙන් ගහන්න අමාරුයි) මේකේ තියෙන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩාව සම්බන්ධ කතාවක්. මේක ගැන ඉංග්‍රීසියෙන් කියනවනං මේක Sports Comedyයක්. මේක මම “ප්‍රතිප්‍රහාරය” කියල නම් කලෙත් එක හේතුවක් මත.   මේකේ ඉන්න ප්‍රධාන චරිතේ කතාවේ වර්තමාන කාලෙට අවුරුදු 10කට කලින් චීනයේ හිටපු හොඳම බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක්. තව “විශ්‍රාමික” හොරු රැළකුත් ඉන්නවා. ඉතිං…. නෑ ඕන නෑ. ඔයාල චිත්‍රපටිය බලලම දැනගන්නකෝ. ඒවගේම චිත්‍රපටියේ චරිතවලට වමනේ යන දර්ශන ටිකකුත් තියෙනවා. ඒවා ටික පරිස්සමින් බලන්න, ඔයාල එහෙම කරගන්නේ නැතුව.

පටන්ගද්දීම කිව්වා වගේ, මේ ෆිල්ම් එක මට උපසිරැසි කරන්න හිතුනේ, මම මේ ෆිල්ම් එක බලන්න ගන්නකොට මේකට සිංහල උපසිරසියක් තියා හොඳ ඉංග්‍රීසි උපසිරසියක්වත් නොතිබ්බ නිසා. මේක භාරගන්න කොට මට විශේෂයෙන් උදව් කරපු හසන්ත වික්‍රමරත්න සහෝදරයාව මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම රොයිලි ප්‍රනාන්දු සහෝදරයව. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක බලල, උපසිරැසි කරල තියෙනවා හොඳයිනම් ඇවිත් comment එකක් දාල යන්න. එක ඊළඟ උපසිරැසිය කරන්න මට ලොකු හයියක්. තවත් උපසිරසියකින් ළඟදීම හම්බෙමු. තෙරුවන් සරණයි! ජය වේවා!

හොඳම රසවින්දනය සඳහා Media Player Classic භාවිතා කරන්න. ඇතැම් උපසිරැසි වල විශේෂ දේ KMPlayer වැනි player වල ක්‍රියාත්මක නොවනු ඇති.

සිංහල උපසිරැසි පිටපත බයිස්කෝප් වෙබ අඩවියෙන් බාගන්න

Full Strike (2015) සිංහල උපසිරැසි

Full Strike (2015) චිත්‍රපටය සඳහා එකම සිංහල උපසිරැසි නිර්මාණය ” ප්‍රතිප්‍රහාරය” නමින් ළඟදීම මගෙන් බලාපොරොත්තු වන්න.

Full Strike (2015) – IMDb

MV5BMTUxNzMzNDc3NF5BMl5BanBnXkFtZTgwNDYwMDI0NjE@._V1_UY1200_CR111,0,630,1200_AL_